හැරී කුමරුට සහ මේඝන් කුමරියට ආරක්ෂාව සැපයීම ඉතා ඉක්මණින් නවත්වන බව කැනඩා රජය තහවුරු කර තිබේ.
රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිසිය (ආර්සීඑම්පී) මෙම යුවළ කැනඩාවට පැමිණි 2019 නොවැම්බර් මාසයේ සිට වරින් වර ඔවුන්ට ආරක්ෂාව සැපයීම සිදු කළේය.
මෙම යුවළ මාර්තු 31 වැනිදා සිට ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත් වනු ඇති අතර එයින් පසු ඔවුන් තවදුරටත් රැජින වෙනුවෙන් රාජකාරි ඉටු නොකරනු ඇත.
නමුත් මාස 12 කට පසු මෙම සැලැස්ම සමාලෝචනය කරනු ඇතැයි ද සඳහන් වේ.
කෙසේවුවද කැනඩාවේ ෆෙඩරල් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බිල් බ්ලෙයාර් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “අර්ධ කාලීන පදනමක් මත කැනඩාවට නැවත පදිංචි වීමට තෝරා ගැනීමෙන් සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරිය අපේ රජයට සුවිශේෂී හා පෙර නොවූ විරූ තත්වයන් ඉදිරිපත් කළේය." යනුවෙනි.
ආදිපාදවරිය සහ ආදිපාදවරයා දැනට ජාත්‍යන්තරව ආරක්ෂිත පුද්ගලයන් ලෙස පිළිගෙන ඇති හෙයින්, අවශ්‍ය පදනම මත ආරක්ෂක ආධාර සැපයීමට කැනඩාවට බැඳීමක් තිබෙන බවද ඔහු පවසයි.
මේ අනුව කුමරුට සහ ඔහුගේ බිරිඳ මේඝන්ට ආරක්ෂාව සැපයීම සඳහා මුදල් ගෙවන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයට නැවත නැවතත් මුහුණ දීමට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝට සිදුවී තිබේ.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව යුවළගේ තත්වය වෙනස් කිරීමට අනුකූලව ඉදිරි සති කිහිපයේදී ආරක්ෂක ආධාර නතර වනු ඇත.එසේ වුවද ආරක්ෂක කාරණා සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය හෝ යුවළගේ ප්‍රකාශකයෙකු අදහස් දක්වා නැත.
මෙම යුවළ ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් පෞද්ගලික පුරවැසියන් ලෙස කැනඩාවේ ගත කරන බවට ප්රවෘත්ති පළ වූ විට, ප්‍රධාන අවධානයක් යොමු වූයේ ඔවුන්ගේ වියදම් දරන්නේ කවුරුන් ද යන්න සම්බන්ධවයි.
ස්වාධීන ආයතනයක් වන ඇන්ගස් රීඩ් විසින් ජනවාරියේ දී නිකුත් කරන ලද මහජන මත විමසුමකට අනුව කැනේඩියානු ජාතිකයන්ගෙන් 73% ක් ඔවුන්ගේ නැවත ස්ථානගත කිරීම හා සම්බන්ධ ආරක්ෂාව සහ වෙනත් වියදම් සඳහා කිසිදු මුදලක් ගෙවීමට උනන්දුවක් නොදක්වන බව පෙන්වා දී තිබේ.
(බීබීසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කෑවද මන්දා...?
එක් යුවලකට ආරක්ෂාව සැපයීමේ වියදමත් ලොකුවට හිතන කැනේඩියානු රජය වෙනත් රටවල ජනතාවගේ මුදල් කාබාසිනියා කරන හැටි දන්නවානම් මොනවා හිතයිද?
උපතින් ලැබුණු දේවල් භුක්ති විඳීමට වාසනාව නැතිකම...
හැරී-මේඝන්ට එරට සාමාන්‍ය මිනිස්සු. ජනතාවගේ බදු මුදලින් ඔවුනට ආරක්ෂාව සැපයීම එරට ජනතාව අනුමත කරන එකක් නැහැ.