
(අංජුල මහික වීරරත්න)
තෘතීයික සත්කාර සේවා සපයන මෙරට රෝහල් සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තබා ගැනීමට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නවීකරණය කරන ලද ශල්‍යාගාර සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ 2000 වර්ෂයේ දී ඉදිකළ අටමහල් ගොඩනැගිලි සංකීර්ණයේ 7වන මහලේ ස්ථාපනය කළ මෙම ශල්‍යාගාර සංකීර්ණය ජලය කාන්දුවීම හා විවිධ තාක්ෂණික ගැටළු හේතුවෙන් 2015 වර්ෂයේ දී භාවිතය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෙරට ස්ථාපිත දිස්ත්‍රික් මහ රෝහල් අතුරින් රෝහල් හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය නොවන බව කී අමාත්‍යවරයා එයින් රෝහල් හතරක් උතුරු පළාතේත්, තුනක් බස්නාහිර පළාතේත් ස්ථාපිත බවත්,ඉන් එකක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත බවත් පැවසීය.
අදියර වශයෙන්, ප්‍රදේශයන්හි අවශ්‍යතාවය ද සැලකිල්ලට ගනිමින් එය සිදුකරන බවද එම රෝහල් අතරින් එකක් වන හොරණ දිස්ත්‍රික් මහ රෝහල ළඟදීම මධ්‍යම රජයට පවරා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ප්‍රාථමික සහ ද්විතීයික සත්කාර සේවා ඒකක පළාත් සභාව යටතේ පවත්වාගෙන යන අතරේ තෘතීයික සත්කාර සේවා සපයන රෝහල් මධ්‍යම රජය යටතේ පවත්වාගෙන යාම වැදගත්වන බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේය.
සෞඛ්‍ය ප්‍රතිපත්තිය අනූව සහ සෞඛ්‍ය වැඩසටහන මෙහෙයවීම අනූව තෘතීයික සත්කාර ඒකක වලට ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතීම අතිශය වැදගත්වන බව ද පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd