(නවරත්න සමරතුංග )

හිඟුරාණ දමන ප්‍රධාන මාර්ගයේ පැරණිගම වංගුවෙදි ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මිය ගොස් ඇතිබව දමන පොලීසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පැදිකරු නවාස් මොහොමඩ් නිසාර්(22) කොට්ඨාස 04 අක්කරපත්තුව,ලිපිනයේ පදිංචි කරුවෙක්  සහ මුසාමිල්සියාත් අහමඩ් (20) යන අක්කරපත්තුව පදිංචි දෙදෙනෙකි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනාම ප්‍රදේශවාසීන් විසින් දමන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.එහිදී ඔවුන් වෙෙද්‍ය පරීක්ෂාවට ලක් කරනඉවිට ත් මියගොස්  සිටිබව  සදහන් වේ.

දමන   සිට හිඟුරාණ නගරය දෙසට ලොරි රථය ධාවනය වන විට යතැරුපැදිය  හිඟුරාණ දෙසින් දමන දෙසට ගමන් කරමින් සිටියදී මුහුණට මුහුණ ලා ගැටී ඇතිබව පොලීසිය කියයි.