
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි 06 ක් පමණ වටිනා කේරලා ගංජා තොගයක්සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකරු සමඟ කේරල ගංජා කිලෝ 271 ගෑම් 835 ක් පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයයට ලද රහසිගත තොරතුරකට අනුව රාගම පොලිස් වසමේ නිවසකදී සැකකරු මෙම ගංජා තොගය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස හයකට පමණ ඉහත සිට මෙම නිවසේ කුලී පදනම මත පදිංචිව සිටින අතර මාසිකව ඒ සඳහා රුපියල් 50000 බැගින් ලබා දෙනබවත් ගංජා ගබඩාව බාරව සිටින පුද්ගලයා ලෙස කටයුතු කරන බවත් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත..
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 14 ස්ටේඩියම්ගම පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd