(ඉන්දිකා රාමනායක)
මන්නාරම සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට පැනයාමට උත්සාහ කළ පුද්ගලයින් 20 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මොවුන් පිරිස ත්‍රිරෝද රථ 04 කින් බඩු බාහිරාදිය ද රැගෙන යමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත්විය.
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 15 දෙනකු, ගැහැණු ළමයින් ඇතුලූ කාන්තාවන් 5 දෙනකු සිටින බව නාවික හමුදාව පවසයි.
මුලතිව් , යාපනය, මන්නාරම, වාලච්චේන, වත්තල, පුත්තලම යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බවද නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වැඩිදුර පරීක්ෂණ සදහා සිලාවතුර පොලිස් ස්ථානයට බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd