(යොහාන් භාසුර)

බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඇතුල්වීම සඳහා අවසර ලබාදීම සඳහා පාවිච්චි කරන නිලමුද්‍රාවට සමාන  ව්‍යාජ නිලමුද්‍රා සහිත අවසර පත් තුනක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලමුද්‍රා පිළිබඳව පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විදේශ ගමන්බලපත්‍ර ලබාගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන යායුතු නිසා ඒ සඳහා පාවිච්චි කරන නිලමුද්‍රාවට සමාන නිලමුද්‍රාව තැබූ අවසර පත් තුනක් ආගමන විගමන නිලධාරීන් බාරයට ගෙන තිබූ බවත් එම සිද්ධීන් තුන පිළිබඳව මිරිහාන පොලිසිය පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදේශ ගමන්බලපත්‍ර ලබාගැනීමට සඳහා තැරැව්කරුවන් රුපියල් 25,000 සිට 45,000 දක්වා මුදලක් අය කරන්නේ යැයි විවිධ පාර්ශවලින් පැමිණි ලැබී ඇති බවත් එම කාර්යාල පරිශ්‍රයේ ක්‍රියාත්මක පෞද්ගලික ආරක්‍ෂක අංශයේ කාන්තාවන් ඇතුළු නිලධාරීන් ද මෙම කූට ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින බවත් එම පොලිස් නිලධාරියා කීය.