
(චන්ද්‍රසේන ගමගේ සහ පි.ඒ.ගාර්දිවසම්)
ව්‍යාජ පන්දහසේ නෝට්ටු වලින් සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත් අඩංගුවට ගත් බව කටුවන පොලීසිය පවසයි.
කටුවන පොලීසියට ලැබී තිබුණු තොරතුරකට අනුව කටුවන බින්තැන්නේ සූදු පොලක් ඊයේ (11) දින පොලීසිය විසින් වටලා තිබුනු අතර එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු බාවිතා කරමින් සූදු සෙල්ලම් කළ අයෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ 5000 නෝට්ටු 17 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමු වලින් පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුතකු කටුවන නගරයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍රයක්ද පරිඝණයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
අත් අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 37 හා 38 පසු වෙන්නන්බව පොලීසිය කියයි. සැකකරුවන් අද (12) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd