
(චාපා මධුභාෂිණි සහ නිමල් ජයරත්න)
අපරාධ රැසකට සම්බන්ධ කියන හොර වෛද්‍යවරයකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙම සැකකරු පොළොන්නරුව දීපඋයන අසලදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ අංශයේ ප්‍රකාශකයෙක් පැවසිය.
සැකකාර වෛද්‍යවරයා 59 වැනි වියේ පසුවන අතර කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු බව පොලිසිය පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ වගේ අයට උපරිම දඩුවම් කරන්න.
මෙහෙමත් දොස්තරලා ඉන්නවද?
මම හිතන්නේ නැහැ කොන්දොස්තර කමටවත් සුදුසුයි කියලා...
සමහරක් අය විභාග පාස් නොවුණත් අත්ගුණය තියන හින්දා දොස්තර කමට සුදුසුයි... ඒ වුණත් වෘත්තීමය දොස්තර කෙනෙකු වෙන්න නම් විභාග සමත් විය යුතුයි.
ඇයි මෙහෙම මිනිස්සු බොරු කරන්නේ?
තමන් වෘත්තීමය වශයෙන් සුදුස්සෙක් වෙලා තමයි රස්සාවක් කරන්න ඕනේ...