(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව "ශ්‍රී ලංකා ක්‍රිකට්" පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රිකට් වගේම රට කරවන පාර්ලිමේන්තුවත් දූෂිත බව වෙල්ගම මහතා කීය.
225ම හොරු බවත් ඔවුන් යා යුතු බවත් ජනතාව කියා ඇතැයි කී වෙල්ගම මහතා තවත් හොරු ගැන හොයන්නැයි පාර්ලිමේන්තුවේ හොරුන්ට කියන බව පැවසීය.
කුමාර වෙල්ගම මහතා මෙසේද කීය.
" ලබන අවුරුද්දේ ඡන්ද තියෙනවා. මේවට සල්ලි දෙන්නෙ කවුද? මේක ව්‍යාපාරයක් .ඒකෙන් සල්ලි හොයලා බලයට එන්න බලන්නේ.මේක එකට ඇමිනිච්ච චේන් එකක්. ඒක ගලවන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑ.මේක කොන්ක්‍රීට් දාල යට කරලා තියෙන්නේ .ඒ නිසා බොරුවට රැවටෙන්නේ එපා යනුවෙන්ද කුමාර වෙල්ගම මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර වෙල්ගම අහලා නැහැ හොරු අල්ලන හැටි... ඇයි ඔබ බයවෙලා ඉන්නේ?
ලංගමින් හොඳට ගහලා මල්ලි වත් ගොඩ දැම්මා නේද ?
එයා එහෙම කියන්නේ එයත් ඒ 225ම කෙනෙක් කියලා දන්නෙ නැතිව ද? තමුනුත් හොරෙක් කියලා දන්න එකේ ඉල්ලා අස් උනානම් නේද හොදම?
හොරු නොවන අය දැන් අපේ රටෙන් හොයාගන්න පුළුවන් වෙයිද? අපේ පාලකයෝ ඒ තරමට රට විනාශ කරලා ඉවරයි...
චා චා චා වෙල්ගම මහතා ඉස්කෝලේ ගියේ නැද්ද? ඉස්කෝලේ ගියානම් set a thief to catch a thief කියන කියමන අමතක වෙලාද නැතිනම් ඉගෙනගත්තේ නැතුවද? හොරු අල්ලන්න හොඳට හරි යන්නේ තවත් හොරෙක්. හොරෙක් තමයි හොරු රිංගා යන අහුමුලු දන්නේ? රනිල්ට අල්ලන්න බැරි හොරු රාජිතට අල්ලන්න පුළුවන්.
ඔබතුමාත් ,හොරු සමග හෙළුවෙන් නේද ?
හොරුන් සම්බන්ධව හොඳ කියවීමක් කරන්න පුළුවන් හොඳ කම්බ හොරෙකුට විතරයි..