(සුජිත් හේවාජූලිගේ)
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කිසියම් පුද්ගලයකුට ‘‘ඊෂි කෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ඒ අනුව මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ සඟවා තිබියදී එහි බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හිරේ ඉන්න රන්ජන්ට ඊෂි කෑස් ක්‍රමයට දුරකතනයක්:පරීක්ෂණ සීඅයිඩීයට
Bamunuarachchi Tuesday, 16 March 2021 11:16 AM
එයාගේ වැඩ ඔක්කොම ඊසි කෑෂ් ක්‍රමයට බව අපි හඬපටවලින් දැනගත්තා.
Demuni Uduwara Tuesday, 16 March 2021 08:40 PM
ඔහු හොරෙක් නොවේ... දෙවියන් උඩ ඉන්නවා.
BamunuarachchiWednesday, 17 March 2021 11:25 AM
දෙවියෝත් හඬපට අහලා තමයි තීන්දුව දුන්නේ මන් හිතන්නේ... එකක් ෂුවර් මේ හාදයාව දිව්‍යලෝකෙට නම් ගෙන්වන එකක් නැහැ...
මුණසිංහ Wednesday, 17 March 2021 02:23 AM
මෙන්න ජනතා හිතවාදීන්ගේ වැඩ... සජිත්ලා මේ ගැන මොකද කියන්නේ? මෙහෙම එළිපිට නීති කඩන අය තමයි නිදහස් කරන්නත් කියන්නේ...