
සූර්යයා එසේත් නැතිනම් හිරු ගවේෂණයට යැවූ රෝබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යන නමින් නම් කළ මෙම රොබෝ යානය, මිනිසා විසින් හිරු ගවේෂණයට යැවූ පළමු ගවේෂණය යානයයි.
‘පාකර් සෝලර් ප්‍රෝබ්’ හිරුගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින්, හිරුගේ අංශු සාම්පල එක්රැස් කළ බව නාසා ආයතනය කියයි. යානය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්‍රමයකටය.
රොබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ බව තහවුරු කිරීමට නාසා විද්‍යාඥයන්ට මාස කීපයක් ගතවිය. ඒ අනුව, ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ රොබෝ යානයේ වික්‍රමය ලොවට අනාවරණය සිදු කෙරුණේ පසුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
නාසා ආයතනය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යැවීම සිදුවූයේ 2018 දීය. එය හිරු වටා යමින් සෙමින් සෙමින් හිරුට ළං වීම සිදුවිය. යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ප්‍රබල වේගයකිනි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය නිපදවීමට වැය වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා හරිම දියුණුයි. මුව ආවරණ පැළඳගෙන හිරුව අධ්‍යයනය කරනවා ඇති...
චීන්නු මේක දැක්කාම අහයි අපට තිබෙන ණය යා ටික ගෙවාදමන්න බැරිද? කියලා
හිරු සදු පායන ලෝකේ.. අලෝකය අතරේ ..සැප දුක සමබර වේ...
හොද නැකතකින් ගමන පිටත් කරලා ඒකයි...
ලංකාවේ ජීවන වියදම හිරුටත් එහා ගිහින්නෙ..
ලංකාවෙන් යවපු එක හම්බ වුණොත් කියන්න හොඳේ...