
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව නිකුත් කළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය බරපතල වරදකැයි ආණ්ඩුව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඇමැති විජිත හේරත් මහතා පැවැසූහ.
එහි වගකීම සාමූහිකව පිළිගන්නා බවත් අග්රාමත්යවරයි කීවාය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී අගමැතිවරිය සහ විදේශ අමාත්‍යවරයාමේ බව සදහන් කළහ.
COMMENTS
මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට සහ NPP ආණ්ඩුවට සහයෝගය දක්වපු පුද්ගලයෙක්. රටේ බහුතරයක් ජනතාව ජනාධිපති අනුර කුමාර කෙරෙහිත් NPP රජයක් කෙරෙහිත් දැඩි විශ්වාසයෙන් කටයුතු කලේ මෙවැනි වැරදි නැවත්වීමට හෝ අවම කිරීමටත්, වැරදිකරුවන්ට නිසි දඬුවම් දීමටත්ය. සාමූහිකව වැරැද්ද පිලි ගන්නා බව කීමෙන් පමණක් ඔවුන්ට වගකීමෙන් නිදහස් විය නොහැකි බවයි මගේ මතය. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මේ වගේ සිදුවීමක් වෙනත් ආණ්ඩුවක් යටතේ සිද්ධ වුණා නම්, එම සිදුවීමට විරුද්ධව ජේවීපී එක ගන්නා ක්‍රියාමාර්ග මොන වගේද කියලා. දැන් ඔවුන්ගේ රජයක් යටතේ මේ වගේ වැරදි අඩුපාඩු වෙන්න බැහැ සහ මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරයෙක් හෝ, ජවිපෙට හෝ එකට සම්බන්ධ කිසිවෙක් හෝ, රාජ්‍ය නිලධාරියෙක් මේ වැරැද්ද කළා නම් ඔවුන්ට නිසි දඬුවම් ලැබිය යුතුයි. එහෙම නැති වුණොත්, විරුද්ධ පක්ෂ වල පිරිස්වල උසුළු විසුළු වලට ලක් වීමට NPP එකට සහයෝගය දැක්වූ අපටත් සිදුවේ.
ඇයි ඔබලාට මෙනවිය කියළා ලියන්න බැරි? ඒක හරි නෑ නේද?