(විමුක්ති එස් රුද්‍රිගු)

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා ඉස්ලාමීය ආරක්ෂක බළකායේ නාවික හමුදාව සිතියමක් හඳුවන්වා දී තිබේ. ඉරාන නාවික හමුදාව හොමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති මුහුදු බෝම්බ මගහැර යාත්‍රා කිරීම සඳහා මෙම සිතියම භාවිතයට ගත හැකි බව ඉස්ලාමීය ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත.

කෙසේ ඉරාන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය තෙල් ප්‍රවාහන නෞකා සඳහා සම්පූර්ණයෙන් විවෘත කර ඇත්දැයි පැහැදිලි නොමැති බවයි. ඇතැම් ඉරාන මාධ්‍ය වාර්තා කර සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසාදමා ඇති බවත් තෙල් ප්‍රවාහන නෞකාව ආපසු හරවා ඇති බවත්ය.

නමුත් ඇතැම් ඉරාන මාධ්‍ය වාර්තා කර සිටියේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමග සම්බන්ධීකරණයෙන් නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට හැකියාව තිබෙන බවය.