
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), දිස්ත්‍රික්කය තුළ පවත්නා මහා පරිමාණයේ අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙනවා මෙන්ම, තමන්ට ආසන්න අසල්වැසි ප්‍රජාවේ ගැටලු සඳහාද අවධානය යොමු කිරීමට සෑම විටම සූදානම්ව සිටියි.
ඒ අනුව, ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘති මුලපිරීම හසුරුවන HIP මානව සම්පත් අංශය විසින් එවන් ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නංවන ලදී.
ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ‘‘සයුර සුරකින රැල්ල” සංකල්පය හා සමගාමීව දියත් කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ඒ සඳහා අනුග්‍රහය දැක්වීය.
මෙම තිරසාර මුලපිරීම දීර්ඝ වැඩසටහනක කොටසක් වූ අතර, එය වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැවැත්වීය. වැඩසටහනට දායකත්වය ලබා දුන් දහසකට ආසන්න පිරිස, වෙරළ තීරයෙන් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7500 ක් පමණ ඉවත් කිරීමට සමත් විය.
එමෙන්ම දෘශ්‍යාබාධිත වැඩිහිටි සාමාජිකයන් 28 දෙනෙකු වෙසෙන “සරණ අන්ධ වැඩිහිටි නිවාසය” වෙත වියළි සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද වරාය විසින් ලබාදෙන ලදී.
“අපගේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු මහතාගේ දැක්ම යටතේ අලි මිනිස් ගැටුම, සමුපකාර ආකෘතියක් යටතේ ගම්වැසියන්ට ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කර ගැනීම සඳහා සහය වන “හෝප් විලේජ්” ව්‍යාපෘතිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණාගාරයට අරමුදල් සැපයීම හරහා කලාපයේ සෞඛ්‍ය සේවා පහසුකම් වර්ධනය කිරීම වැනි රාජ්‍ය ආයතන සමග හවුල් ව්‍යාපෘති රැසකට දායක වීමට අපට හැකි වුණා. අප අවට පාරිසරික හා සමුද්‍ර දූෂණය අවම කිරීම සඳහා වෙරළ පිරිසුදු කිරීම සහ අසල්වැසි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම වැනි සාමාන්‍ය සමාජීය ඕනෑකම් පිළිබඳව සොයාබැලීම අපගේ වගකීමක් ලෙස අපි දකිනවා. මෙය අවට ඇති ස්වභාවික සහ සමාජ පරිසරය සමඟ කුඩා සහ විශාල මට්ටමෙන් තිරසාර ලෙස සම්බන්ධ වීම සඳහා අප දක්වන කැපවීමේ කොටසක්,’’ මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා පැවසීය.
-සටහන- චමින්ද මුණසිංහ

2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට වරායෙන් අසල්වැසි ප්‍රජාවට අත හිත