
(රෝෂන් තුෂාර සහ බුද්ධික කුමාරසිරි)
හම්බන්තොට වරායේ කළුගල් ටෙන්ඩරයක් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි දෙකක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු වරාය අමාත්‍යය රෝහිත අබේයගුණවර්ධන මහතාගෙන් සති දෙකක් ඇතුළත ප්‍රකාශයක් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රහස් පොලිසියට නියෝග කළේය.
හම්බන්තොට වරායේ කළුගල් ඉවත් කිරීම සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා දෙන බවට පවසා එවකට හිටපු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යැයි කියන පුද්ගලයකුට එරෙහිව රහස් පොලිසිය සිදු කරන විමර්ශනය කැඳවූූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
හම්බන්තොට වරායේ කළුගල් ටෙන්ඩරය පෙන්වා මුදල් වංචා කිරීම පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූයේදැයි බලවත් සැකයක් මතුවන බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අම්බලන්ගොඩ ගාමිණී රත්න කුමාර නමැති ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී තුෂාර දර්ශන සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් සිදු කිරීම සහ 1990 අංක 02 දරණ ණය පහසුකම් අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පණතේ 25 වගන්තිය යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බවය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නුවන් ජයවර්ධන හා නීතිඥ දසුන් පෙරේරා මහත්වරුන් කරුණු දක්වමින් මෙම ගනුදෙනුව පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක විය හැකි හැකි බවත්,ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර කරුණු අනාවරණය කර කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
පැමිණිලිකරුගෙන් මුදල් ලබා ගැනීමට පෙර හම්බන්තොට වරායට රැගෙන ගොස් ,වරායේ වාහන භාවිතා කරමින් පැමිණිලිකරුව වරාය තුළ නිරීක්‍ෂණ චාරිකාවක රැගෙන යාම තුළ යම් බල අධිකාරියක් ක්‍රියාත්මක වී ඇති බවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන දියත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි, උන්නැහේටත් බඩු පැක්වෙයි වගේ.
රෝහිතට කලින් දයාසිරි ගලට වැඩේ දුන්නද දන්නේ නැහැ ?
හම්බන්තොට ගලා වගේද තංගල්ලේ ගලා?”
මේ ලෝකෝත්තර හොරෙක්, පුදුමයි මෙච්චර දවසක් එළියේ හිටපු එක
පසුගිය රජයන් යටතේ නීතියට යටත් කලේ පොඩි මිනිසුන් පමනක්මයි. දැන් තමයි ලොක්කන්ගෙ නඩු! අපි සාධරණය බලා සිටිමු!
පසුගිය වසර 20 තුළ අපේ රට පාලනය කෙරුවේ තක්කඩියන් විසින් වන අතර ඔවුන් කිඹුල් කඳුළු හෙළමින් සිටිති. ඔවුන් සියල්ලෝම රට කොල්ල කෑහ. ඔවුන් රට කොල්ලකන විට ඔවුන් එකට සිටිති. මෙම ඉහළ පෙළේ තක්කඩියන් තුරන් කිරීමට AKD රජය අද උපරිම උත්සාහයක් දරයි. ජනතාව අත්වැල් බැඳගෙන AKD රජයට සහාය දිය යුතුයි.
දයාසිරි කලුගලට වැඩේ දුන්නද දන්නේ නෑනේ... මොකද දයාසිරිත් ඕකට සම්බන්ධයි.
දැන් මේ රැවටිලි වැඩ වලින් වැඩක් නෑ. ඉතිරි කරපු සල්ලි වලින් පුලුවන් නම් අපේ ගෙදර කුස්සියට, ශීතකරනයට බඩු ටිකක් ගෙනැල්ලා දාන්න...
රජයේ අයගෙන් විතරක් ප්‍රශ්න නොකරන එකනේ පුදුමේ. ඒත් කන්ටේනර් වලින් තමයි හොර බඩු සහ මත්ද්‍රව්‍ය රටට එන්නේ...
අරුණි ඉන්න තැන කියන්න මම එවන්නම්...
කොහෙන්වත් බේරුමක් නෑ.. මදැයි අපිව පාලනේ කරන්න ආවා.