
(විමුක්ති එස් රුද්‍රිගු)
බාබ් එල් මෙන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ හරහා යාත්‍රා කිරීමට පැමිණි සෞදි බොරතෙල් රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකා තුනක් ආපසු හැරවීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල නැවතත් ඇමෙරිකානු ඩොලර් 90 සීමාව පසුකර ගියේය.
එම ඉන්ධන ප්‍රවාහන නෞකා තුන චීනයට සහ ඉන්දියාවට සෞදි බොරතෙල් රැගෙන යමින් තිබිණි. ඒ අනුව ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.29 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.40ක් විය.
ඒ මාස දෙකකින් බොරතෙල් මිලෙහි වාර්තා වූ ඉහළම මිල වූවේය.
හූති සටන්කාමීන් ප්‍රකාශ කර සිටියේ ඉන්ධන ප්‍රවාහන නෞකා 6ක් මේ වනවිට ගමන් ගත් මාර්ගය වෙනස් කර තිබෙන බවයි. හූති සටන්කාමීන් නෞකා සමාගම් වෙත අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ සෞදි වරායන් භාවිත කරන සියලුම නෞකාවලට හූති සටන්කාමීන් ප්‍රහාර එල්ල කරනු ඇති බවයි.
සෞදි වරායන් භාවිත කරන නෞකාවලට බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරයක් යොදන බවට පසුගියදා හූති සටන්කාමීන් ප්‍රකාශ කළ අතර කඩිනමින් එම අවහිරය යෙදවීමට හූති සටන්කාමීන් කටයුතු කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා(21) ප්‍රකාශ කර සිටියේ හූති සටන්කාමීන් සිය අනතුරු ඇඟවීම ක්‍රියායාත්මක කළහොත් ඇමෙරිකාව ඊට පිළිතුරු ලබාදෙනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd