
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලයේ සේවකයන් දේශපාලන කටයුතු වලට යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් තමාට කිසිදු කැඳවීමක් කර නැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
තමාගේ නිවසට අල්ලස් කොමිසමෙන් කිසිදු කැඳවීමේ ලිපියක් හෝ දුරකථන ඇමතුමක් ලැබී නැතැයිද කාරියවසම් මහතා සඳහන් කරයි.
අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලද ඕනෑම විටක එහි යාමට සූදානම් බව කී කාරියවසම් මහතා නීතියෙන් සැඟවීමට කිසිම අවශ්‍යතාවයක් තමාට නොමැති බව සඳහන් කළේය.
ඉතිහාසයේ පටන් පිරිසිදු දේශපාලනයක නිරත වී රටට සේවයක් කළ තමා ඉදිරියටත් එම ප්‍රතිපත්තියේම සිටින බව කාරියවසම් මහතා කීය.
අල්ලස් කොමිසමට කැඳවීමක් කළද අකිල විරාජ් කාරියවසම් මහතා එහි පැමිණියේ නැතැයි පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd