
(අංජුල මහික වීරරත්න)
දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු සහ දැල් ආම්පන්න ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමසා බැලීය.
විනාශ වූ ධීවර වරාය ඉදිකිරීම මෙන්ම ධීවර ජනතාවගේ ජීවනෝපාය මාර්ග යථාවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතියද ජනාධිපතිවරයා එහිදී විමසීය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව , ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය , ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය , ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව , ලංකා ධීවර සංස්ථාව, සීනෝර් පදනම, මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd