අවබෝධතා ගිවිසුම අවලංගු වී, දිනෙන් දින ඔඩුදුවන ඉරානය යුද්ධය වෙනුවෙන්, මේවනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 37.5 ක මුදලක් වැයවී ඇතැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් පවසයි. 

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවැසුවේ සෙනෙට් අයවැය කමිටුව හමුවේ පෙනී සිටිමිනි. මෙම යුද වියදම් මැයි මාසයේ ගණන් බැලූ අවසන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8 ක පමණ ඉහළ යෑමක් බව ද ආරක්ෂක අමාත්‍යවරයා සෙනෙට් කමිටුව හමුවේ අවධාරණය කළේය.

මැදපෙරදිග හමුදා මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 67ක් ඇතුළුව ඩොලර් බිලියන 87 ක අතිරේක මුදල් වෙන් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මෙම අතිරේක මුදල් ප්‍රමාණය නොලැබුණහොත්, හමුදා පුහුණු වැඩසටහන් කපා හැරීමට පමණක් නොව, යුද උපකරණ හා ආයුධ සැපයුමට බාධා එල්ල විය හැකි බවටත් පීට් හෙග්සිත් අනතුරු ඇඟවීමක් ද කළේය.