
යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි, එරට හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු රටපුරා පැවති විරෝධතා මධ්‍යයේ මෙම ඉවත් කිරීම සිදු කිරීම විශේෂයත්වයක් බව ද පැවැසෙයි.
මයිකයිලෝ ෆෙදොරොව් ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ, ඔලෙක්සැන්ඩර් සර්ස්කි හමුදා ප්‍රධානී ධුරයෙන් ඉවත් කිරීමට දිනකට පෙරය.
35 හැවිරිදි ෆෙදොරොව්, ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහි ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රශංසාවට ලක් වූ අයෙකි.
60 හැවිරිදි ඔලෙක්සැන්ඩර් සර්ස්කි, හමුදාව තුළ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මැලිවූ පැරණි සෝවියට් නායකයෙකි. ඔහු ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නව හමුදා ප්‍රධානියා ලෙස 43 හැවිරිදි ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි පත් කර ඇතැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd