
(එම්. සුසිල් ප්‍රියන්ත)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව කහව ප්‍රදේශයේදී අද (28) රාත්‍රියේදී භික්ෂූන්වහන්සේ නමක් දුම්රියක හැපී අපවත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ අපවත්වී ඇත්තේ ඇල්පිටිය ගණේගොඩ විහාරාධිකාරී පිතුවල සාරද නැමැති තිස් හැවිරිදි හිමිනමක් බවද පොලීසිය කියයි.
කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක උන්වහන්සේ ගැටී ඇති බවද පොලීසිය කියයි.
මෙය සිය දිවි හානිකර ගැනීමක් ද නොඑසේනම් වෙනත් හේතුවක් නිසා උන්වහන්සේ දුම්රියේ ගැටුණාද යන්න පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙලෙස අකාලයේ අපවත් වීම ශාසනයට ඉමහත් පාඩුවක් ..
ලංකාවේ බහුතර සමහරක් චීවරධාරීන් අකුණු ගසා නිවන් දකිනවාට වඩා, කෝච්චියකට හැපී නිවන් යාම අතිශය ඛේදනීයයි. රටේ පාලකයින්ගෙන් වරප්‍රසාද නොලබා නිවන් නොදැකීම ඊටත් වඩා ඛේදනීයයි අපේ හාමුදුරුවනේ..
මහපාරෙදී නම් නොසැලකිලිමත්ව හිමිනමගේ ඇඟේ වාහනයක් හැප්පුවා හෝ හිමිනම වාහනයට යටකරගෙන ගියා කියන්න පුළුවන්... දැන් මෙතැනදී අපි මොකක්ද කියන්නේ..?
දන්නේ නැති නිසයි අහන්නේ... බුදුන්ගේ විනය පිටකයේ සගුන්ට රෑ ගමන් තහනමක් පවා තියෙනවා නේද?