(අනීෂා මානගේ)
හමුදාවට සහ තමන්ට පව් වසාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා සටන් කළ බවද උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (31) පැවසීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල හේනකඩුව පුරාණ විහාරයේ පැවැති ආගමික උත්සවයකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
‘‘උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කියූ පරිදි හමුදාවට හෝ අපිට පව් වහගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එය බොහොම පැහැදිලිව කියන්න ඕන.
අපි කළේ රට වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා වූ සටනක්. ත්රස්තවාදයට විරුද්ධවයි අපි සටන් කළේ. දෙමළ ජනතාවට නෙවෙයි. ත්රස්තවාදයට පන්දම් අල්ලපු සමහරුන්ට අද පේන්නේ හැම හමුදා නිලධාරියාම වැරදි විදියට. මම කණගාටු වෙනවා මෙහෙම ප්‍රකාශ කිරීම ගැන.
රටේ තත්ත්වය පිළඳව ජනතාව හරියට තීන්දු කරයි. ජනතාව දන්නව දැන් මේ ආණ්ඩුවට බැහැ කියල. ඒ නිසා ඉදිරියේදී මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය දෙමලුන්ගේ කුහකගති නිසා තමයි ගංවතුරේදී හමුදාවට උතුරේ දුක් විඳින්නේ නැතිව තාවකාලිකව දකුණට යන්න කියා ලීවේ. මහින්ද මහතාණෙනි, දැන් උතුරේ සිදුවීම් සිද්දවෙන්නේ එජාප නායකයින්ගේ කැමැත්ත ඇතිවයි. දෙමළුන් දරන ඔය අදහසම එජාප සිංහලයෝත් දරති. ඔවුන් සිංහල හමුදාවට විරුද්ධව කතාකරති. මම ඔවුන්ට ජාතියක් ජන්මයක් නැති එවුන් හැටියට හඳුන්වන්නේ ඒ නිසායි. එජාප නායකයින් අපිවත් කාලා, රටත් කාලා අවසන් ගමන් යන්නේ උතුරේය.
"රටේ තත්ත්වය පිළිබඳව ජනතාව හරියට තීන්දු කරයි. ජනතාව දන්නවා දැන් මේ ආණ්ඩුවට බැහැ කියලා. ඒ නිසා ඉදිරියේදී මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා" දවස නිමාවට පෙර දවසට අාවඩන්න එපා!! කරගත්ත දේ දැන්ම අමතක වෙලාද? පන්සල්වල ඉඳන් ජනතාව අන්දවන්න එපා..!
අපේ රටේ වීරෝධාර හමුදාව වෙනුවෙන් කතා කරන එකම නායකයා. ජය වේවා ඔබතුමාට
මස්සිනා උතුරේ ඉඳගෙන හමුදාවට බනිනවා. මහින්ද මහත්තයා දකුණේ ඉඳලා මස්සිනාට බනිනවා. දෙන්නම කොළඹ අාවාම එකට ඉඳලා කෑමකනවා.
විග්නේශ්වරන් එහෙම කිව්වට දෙමළ ජනතාවගෙන් වැඩිකොටස දන්නවා.. හමුදාව ඔවුන් වෙනුවෙන් කළ සේවය... ඒ නිසා තමා අද කිලිනොච්චියේ හමුදාව ඉවත්කරන්න එපා කියලා පෝස්ටර් ගහන්නේ. බැරිවෙලාවත් ඊලමක් ආවොත් අවුරුද්දක් යන්න කලින් ඉතිරි කොටසත් තේරුම්ගනිවී... අද දකුණේ ජනයාට තේරිලා තියෙනවා 2015 කළ වරද...
තාම පෙරේතකම අඩු වෙලා නැහැ.. වගේ මෙච්චර දේවල් වෙලත්...
එතකොට කොටි කරපු අපරාධවලට මොකද කියන්නේ? හමුදාව අපරාද කළේ නැහැ..
හමුදාවට කෙසේවෙතත් තමන්ට නම් කරපු සේරම පව් වසාගන්න ආත්ම ගණනක් ගියත් බැරිවෙයි. මේ අවුරුද්දේ ඡන්දයක් එන නිසා තාජුඩීන්, වැලිකඩ, එක්නැලිගොඩ, රතුපස්වල, කටුනායක, සුනාමි ආධාර වගේ හොල්මන් ආපහු කරලියට එයි ඔන්න...
බොහොම අගෙයි මහත්මයාණෙනි! ඔබ කාගේවත් නම් නොකීම අගය කරනවා. එ්කට එජාප ගොයියෝ නම් වලින්මයි වැඩපටන් ගන්නේ... මහලොකු හැදියාව එතැනින්ම පෙනෙනවා. කොහොම වුනත් උතුරේ ඇමතිට උත්තර දෙන්න එපා...