
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද
(20) තහවුරු වූ බැවින් ආසාදිත හෙදියගෙ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම සේවයේ නියුතු හෙද නිලධාරිනියන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් 19 දා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබුණි.
ඒ අනුව ආසාදිත හෙදිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේම පහ වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd