IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හෝමාගම පුංචි මන්ත්‍රී ඝාතකයා රඳවා ප්‍රශ්න කරන්න අවසර

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මීගොඩ ආටිගල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුව  දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (13) දින නියෝග කළේය.

අදාළ ඝාතනය සිදුකිරීමට යොදාගත් මෝටර් රථය පදවමින් සිටි එම සැකකරු බත්තරමුල්ල පාලම් තුන මංසන්ධියේදී ඊයේ (12) සවස තරංගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැමි 10.මිලි ග්‍රෑම් 60 ක් හමු වූ බවත් මෙහිදී තලංගම පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

වෙඩික්කරු සොයා වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව රැඳවුම් නියෝග ලබාගත් සැකකරු තලංගම පොලිසිය මගින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර ඇත.



අදහස් (0)

හෝමාගම පුංචි මන්ත්‍රී ඝාතකයා රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2078 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site