
(ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහල මාලයේ කාමරයක් තුළ ඇති වූ ගින්නෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි මවද අද (26) මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ගින්න ඇති වූ ඊයේ (25) දින රෝහලට රැගෙන යන විටම පියා මියගොස් තිබූ අතර මව , සය හැවිරිදි හා දහනව හැවිරිදි දියණිය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
රෝහල් ගත කළ ගත කළ කවින්දී රණසිංහ නමැති (19) හැවිරිදි දියණියගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචි වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියකු වන එස්.ඒ.ලසන්ත බුද්ධික සහ නාලිකා දේවී නමැති අඹුසැමි යුවළක බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා තම බිරිඳ ,වැඩිමහල් දියණිය (19) හා සය හැවිරිදි දියණිය සමග දෙමහල් නිවසේ පහළ මාලයේ කාමරයක් තුළ සිටියදී රාත්‍රී 8 පමණ එක්වරම මෙසේ ගින්නක් හටගෙන තිබුණි .
ගින්නෙන් අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ අතර සය හැවිරිදි දියණිය සුළු තුවාල ලබා තිබුණි .
නිවසේ ගින්නෙන් පියා මරුට (පෙ.ව. 09:30)
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහල මාලයේ කාමරයක් තුළ ඇති වූ ගින්නකින් පියා මියගොස් සය හැවිරිදි දියණියක ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචි එස්.ඒ.ලසන්ත බුද්ධික රණසිංහ නමැති (47) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා තම බිරිඳ (38) වැඩිමහල් දියණිය (19) හා සය හැවිරිදි දියණිය සමග දෙමහල් නිවසේ පහළ මාලයේ කාමරයක් තුළ සිටියදී ඊයේ (26) රාත්‍රී 8 පමණ එක්වරම මෙසේ ගින්නක් හටගෙන තිබුණි .
ගින්නෙන් අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ අතර සය හැවිරිදි දියණිය සුළු තුවාල ලබා තිබුණි .
ගින්න ඇති වන අවස්ථාවේදී නිවසේ යාබද කොටසේ මියගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් සිට ඇති අතර ඔවුන් සමග සිටි වැඩිමහල් දියණිය කොන්ඩය පීරා ගැනීම සඳහා කාමරයට පැමිණ තිබේ.
ගින්නට හේතුව නිසි අයුරින් අනාවරණය වී නැතියි පොලීසය කියයි.
පසුව ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි .
පසුව එහිදී තුවාලකරුවන් සිව්දෙනාට මුළික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා සය හැවිරිදි දියණිය බොරැල්ල ළමා රෝහලටත් සෙසු තිදෙනා කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ යන අතරතුරදී 47 හැවිරිදි පුද්ගලයා මෙසේ මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි .
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෝමාගම නිවසේ ගින්නෙන් රෝහලේ සිටි මවත් මරුට
සෙනෙවිරත්න Sunday, 26 June 2022 10:02 AM
තෙල් ගින්නක් වෙන්න ඇති...
sharm warn Monday, 27 June 2022 09:14 AM
මට නම් මේ සිදුවීම ගැන සැකයි. කැමරන් එළියට පනින්න බැරි වෙන්න ගින්නක් ඇතිවෙන්න පුළුවන්ද? වෙන මොකක්හරි හේතුවකට මේ අය ජීවිත හානියක් කරගන්න ගියා කියලා හිතෙනවා.