(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෙන්ච් මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදි විශේෂ අවධානය යොමු විය. එල්නිනෝ තත්වය තුළ ඉදිරියේදී ඇති විය හැකි අපදාවලට මුහුණ දීම සඳහා වූ රජයේ වැඩිපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඒ සඳහා රජයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් පැහැදිලි කරනු ලැබිණ. එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස රජයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවද මාර්ක් ඇන්ඩෘ මහතා එහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හවුල්කාරිත්ව සහ සංවර්ධන මූල්‍ය විශේෂඥ අසාම් බාකීර් මාකර් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ මානුෂීය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ නිලධාරිනී වගීෂා පෙරේරා යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.