
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මතුව ඇති ගැටළුවක් සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
පසුගිය රජයන් විදුහල්පති පත්කිරීම ගැටලුකාරී තැනකට පත්කර තිබුණා. නිසි ක්‍රමවේදයක් නැතුව වැඩ බලන විදුහල්පතිවරුන් පත් කරමින් අවුරුදු ගානක් ඒ ගුරුවරුන්ටත්, පාසලටත් අසාධාරණයක් වෙන විදියට අතිශයින්ම ප්‍රශ්නකාරී තැනකට පාසල් පරිපාලනය ඇද දාමා තිබෙනවා.
මේ වනවිට නිවැරදි ක්‍රමවේදයක් අනුව දැනට පවතින රෙගුලාසි අනුව කටයුතු කර නිවැරදි කරමින් යනවා. විදුහල්පති තනතුරක සිටිය යුතු පුද්ගලයෙක් සතුවිය යුතු සුදුසුකම් අනුව සම්මුඛ පරීක්ෂණ හරහා නිසි ක්‍රමවේදයකින් සියලුම ජාතික පාසල් වලට හා පුරප්පාඩු තියෙන තැන්වලටත්ට විදුහල්පතිවරුන් පත් කරනවා. අපි එක් එක් පාසලට වෙනස් විදිහට සලකන්නේ නෑ.
සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයෙන් තමයි ගම්පහ බණ්ඩාරනායක විදුහලටත් විදුහල්පති පත්කිරීම සිදුකර තිබෙන්නේ යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
මේක ප්‍රායෝගිකව කරනවා නම් ඉතා තහොදයි. නමුත් අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා දැන් අඛන්ඩව වසර 20 වඩා වැඩි කලක් එම පාසලේම රදවා ගෙන ඉන්නවා. ගාල්ලේ දේශපාලන අධිකාරියත් පරිපාලන සේවයත් ආණ්ඩුකාරවරයාත්ධා ප්‍රධාන ලේකම් සහ අධ්‍යාපන ලේකම්වරයාත් එම තත්ත්වය දන්නවා. හැමදාම බොරැ කිය කියා බොරැ ලිය ලියා ඒ තත්ත්වය වෙනස් කරන්නේ නැහැ. මේ අය ඔක්කොමලා ඒ පාසල යොදා ගෙන තියෙන්නෙ තමන්ගෙ ව්‍යාපාරයක් ලෙස කියලයි මම කියන්නේ.
මේක ඇත්තක් නම් ඒ විදුහල්පතිවරයාටත් අදාල බලධරයින්ටත් දූෂණ විරෝධි පනත යටතේ දඬුවම් කළ හැකියි. ඇයි ප්‍රමාද කරන්නේ? ජයවීර මහත්තයා මේ කථාව දැන් දින ගාණක සිට කරනවා. එක්කෝ ඒ මහත්තයාට දඬුවම් කරන්න. නැත්නම් වැරැදි කරපු අයට දඬුවම් කරන්න...