
(අංජුල මහික වීරරත්න)
බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්කාරී වාතාවරණය පැවති අවදියේදී, එම ප්‍රදේශයන්හි වල දමා ඇති බිම්බෝම්බ ඉවත් කර එම ප්‍රදේශවල ජීවත් වූ පවුල්වල ජන ජීවිතය යථා පරිදි ස්ථාපනය කිරීම පිණිස එම පවුල් නැවත පදිංචි කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ මූලික පරමාර්ථ වේ.
ඒ අනුව, 2002 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහන කටයුතු දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය විසින් ආරම්භ කරනු ලැබ ඇත. එම වැඩසටහන යටතේ 2026-01-01 දින වන විට තවදුරටත් වර්ගකිලෝමීටර 21.3ක ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව පවතී. මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත දේශීය හා විදේශීය ආයතන ලෙස, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන වන Mines Advisory Group සහ The Halo Trust ද දේශීය රාජ්‍ය නොවන සංවිධාන වන Delvon Assistance for Social Harmony සහ Skavita Humanitarian Assistance and Relief Project යන ආයතන කටයුතු කරනු ලබයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සමඟ බිම්බෝම්බ ඉවත්කිරීමේ ජාතික මධ්‍යස්ථානය වාර්ෂිකව අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනු ලබයි. ඒ අනුව, 2026-01-01 දින සිට 2026-12-31 දින දක්වා කාලයට අදාළව ඉහත සඳහන් ආයතන සමඟ අදාළ කාර්යය සඳහා අවබෝධතා ගිවිසුම් 04කට අත්සන් තැබීම පිණිස නිවාස, ඉඩම් සංවර්ධන සහ ජලසම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd