
(අංජුල මහික වීරරත්න)
නේපාල රජය වෙත ඇමෙරිකා ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026-08-26 දින, උතුරු නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී මහා පරිමාණයේ දේපල හානි සිදු විය. මෙම ආපදා තත්ත්වයේ බරපතල ස්වභාවය හේතුවෙන් නේපාල රජය සහ ජනතාව මත සැලකිය යුතු මානුෂීය බරක් පැටවී අතර, අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් කටයුතු අඩපණ සිදු කිරීම, තවදුරටත් ගංවතුර ඇති වීමේ අවදානම සහ යටිතල පහසුකම්වලට විශාල ලෙස හානි සිදු වී තිබීම යන හේතු නිසා සහන හා ප්‍රතිසාධන සහාය කඩිනමින් ලබා දිය යුතුව තිබේ.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ගැඹුරු සංස්කෘතික, ආගමික සහ අන්‍යෝන්‍ය ජන සබඳතා මත පදනම් වූ දීර්ඝකාලීන මිත්‍ර සබඳතා සහ බරපතල ස්වාභාවික ආපදාවකින් සිදුවන විනාශකාරී මානුෂීය හා ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදු කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd