
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ පැවැත්වෙන උපකාරක පන්තියකට යන බව පවසා නිවෙසින් ගිය සිසුවියන් තිදෙනකු අතුරුදහන් බවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරික්ෂණයකින් පසු එම සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හමුවු බව බලන්ගොඩ පොලිසිය පවසයි.
පින්නවල - ඇල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන සිසුවියන් තිදෙනකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්‍ය්ංශයට ඔවුන්ගේ මාපියන් පැමිණිලි කර තිබුණි.
අතුරුදන් වූ සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස බලංගොඩ පොලිසිය සහ මාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී අතර ඒ ගැන සමාජ මධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධ කෙරුණි.
ඒ අනුව මෙම සිසුවියන් ගැන බලන්ගොඩ පොලිසියට ලද තොරතුරක් ත්‍රිකුණාමලය පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු ඔවුන් සොයාගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd