(රංජිත් රාජපක්ෂ)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ රක්ෂිතයක පිහිටි විශාල ගල් කිහිපයක් සහ ගස් කිහිපයක මුල් බුරුල්වී පස් කඳු පහළට කඩා වැටී ඇතැයි  ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

එම ගස් සහ ගල් ප්‍රධාන මාර්ගයට වැටීමේ අවදානමක් පවතින බව ද ඔවුහු කියති.

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දිනවල  ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට පස් සමග ගල් කිහිපයක් කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ රථවාහන ගමනා ගමනයටද බාධා එල්ල වූ බව ද ඔවුහු කියති.