
(අංජුල මහික වීරරත්න)
සමාජයේ යහ පැවැත්ම සඳහා සෑම ආයතනයකම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ක්‍රම සොයාගත යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා නීති විද්‍යාල නීති ශිෂ්‍ය මානව හිමිකම් ව්‍යාපාරයේ මනුරාව නීති සඟරාවේ හත්වන සංස්කරණය එළිදැක්වීමේ උත්සවයේදීය.
ශ්‍රී ලංකා නීති විද්‍යාල ශ්‍රවණාගාරයේදී අද (30) පස්වරුවේ මෙය පැවැත්විණි.
මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සිදුවීම සාමාන්‍යයෙන් සාගතය, සමූලඝාතන, ලිංගික ප්රචණ්ඩත්වය සහ වහල්භාවය වැනි හේතූන් තුළ සැඟවී ඇති අතර, ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවය, ගැටුම් දේශගුණික විපර්යාස හේතුවෙන්, නිදහස සීමාකරන සහ අවස්ථාවන් සාධාරණ ලෙස බෙදා හැරීමට බාධා කරන ප්‍රතිපත්තිමය තීරණවල ප්‍රතිඵලයක් ලෙස හඳුනාගෙන තියෙනවා.
අපගේ සමාජයේ යහපැවැත්ම සඳහා සෑම ආයතනයකම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට අපි ක්‍රම සොයා ගත යුතුයි.
මේ ආකාරයේ සඟරා, ඉහත අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඵලදායී මාධ්‍යයක් වන අතර නව සිතුවිලි සහ සංවාද ජනනය කිරීමට උපකාරී වෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd