(සමන් පාලිත නානායක්කාර)

දියතලාව ඇල්ලගම හා කහගොල්ල විදුහල් දෙකේ දූ දරුවන් අට දෙනකු කෝවිඩ් 19 ආසාධිතයන් බවට පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කහගොල්ල විදුහලේ ළමුන් පස් දෙනකු සහ ඇල්ලගම විදුහලේ ළමුන් තිදෙනකු වශයෙන් අට දෙනකු මෙසේ කෝවිඩ් 19 ආසාදනය වී තිබේ.

මෙම ළමයින් ඉකුත් 5 දින පී සී ආර් පරීක්ෂණ සිදු කර ඇත. ආසාදිත පාසල් ළමුන් එම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා ඇති අතර සෙසු ආශ්‍රිතයින් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය  කියයි.