(විමුක්ති එස් රුද්‍රිගු)

හින්දි දිවාස් එසේත් නැතිනම් හින්දි ජාතික   සැමරීම සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී  උත්සවයක් පැවැත්විණ.

ශ්‍රී ලංකාව පුරා සිටින හින්දි භාෂාවට කැමැත්තක් දක්වන්නන්, විද්වතුන්, ගුරුවරුන් සහ සිසුන් 75 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහභාගී විය.

උත්සවයේදී ශ්‍රී ලංකා සිසුන් 18 දෙනකුට ඉන්දියාවේදී හින්දි භාෂාව ඉගෙන ගැනීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය.එම සිසුන් ඉකුත් 15 වැනිදා ඉන්දියාව බලා පිටත් වූ අතර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එම සිසුන් හමුවී ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීමට පිටත් වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළේය.

හින්දි දිවාස් සැමරුම් උත්සවයේදී ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ KHS පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන්ට ද සහතික පත්‍ර පිරිනැමිණ.