
(ඩී.ජී.සුගතපාල)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අද දහවල් සිදු කරන ලද හදිසි සෝදිසියකදී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකිවු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර උපක්‍රමික බළකාය එක්ව සිදු කරන ලද සෝදිසියකදී මෙම දුරකථන සොයාගෙන ඇත.
බූස්ස අධි ආරක්ෂකක බන්ධනාගාරයේ ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් ද ජංගම දුරකථන සොයා ගැනීමට හැකිව තිබෙන අතර සොයාගත් ජංගම දුරකථන අතර ස්මාට් වර්ගයේ දුරකථන 10 ක් සහ සාමාන්‍ය දුරකථන 4 ක් දවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක නිලධාරීන්ගේ උදව්වෙන් මේ දුරකථන ඇතුළට යන්න ඇති. පොලිස්පතිවරයා මේ කාරණය බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුයි. තවමත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් කරන පොලිස් නිලධාරීන් ස්වල්ප දෙනෙක් පමණයි.
හෙට මෙහෙයුමක් කරන්න බලන්න. හෙටත් හමුවෙයි. පිටරටවල්වල ගිහින් අපරාධකාරයෝ අල්ලන් ඇවිත් හිරේ දානවා, ඊට පස්සේ උන් හිරේ ඉඳන් ආන්ඩුවෙන් කකා බිබී ෆෝන් එකෙන් අපරාධ මෙහෙයවනවා.
බන්ධනාගාර රැඳවියන් මොනවා හරි මන්ත්‍රයක් ජප කරලා භූතයන් මාර්ගයෙන් ගෙන්වනවා ඇති නේද?