IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හදිසි ප්‍රතිකාර දෙන තැන් ව්‍යාප්ත කරයි

(අංජුල මහික වීරරත්න)

හදිසි වෛද්‍ය ප්‍රතිකාර  රෝහල් වලට පමණක් සීමා කළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් හදිසි ප්‍රතිකාර  ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සම්මේලනයට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ  විද්‍යාලයේ (Sri Lanka College of Emergency Physicians - SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනය  - 2025 සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.

එම සම්මේලනයට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර පිළිබද  වෛද්‍ය සේවාව රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි බව හඳුනා ගෙන ඇති බවයි.
එය අවශ්‍යතාවය ඇති සියලු ස්ථානවලට ව්‍යාප්ත විය යුතු බව  පෙන්වා දුන් අමාත්‍යවරයා  එම සේවා කටයුතු රෝහල්වල නිශ්චිත සත්කාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතු බව ද පැවසී ය.



අදහස් (0)

හදිසි ප්‍රතිකාර දෙන තැන් ව්‍යාප්ත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site