(විනීතා එම් ගමගේ)
හදිසි නීතිය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ සිදුවන්නේ අවසන් වතාවට යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා එසේ කීවේ මෙම පුවත්පත් සාකච්ඡාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයා වශයෙනි.
රට නැවත සාමකාමී මට්ටමකට පැමිණ ඇතැයි ආරක්ෂක අංශ මේ වනවිට දන්වා ඇතැයි කී අමරවීර මහතා තවදුරටත් මේ වතාවේ හදිසි නීතිය දීර්ඝ කරන්නේ තානාපති කාර්යාල හා සමහර පාසල්වලින් කර ඇති ඉල්ලීමක් නිසා යැයි ද කියා සිටියේය.
කෙසේ වෙතත් ආරක්ෂාව ගැන ඇති අවධානය කිසිසේත්ම අඩු නොකරනු ඇතැයි කී අමරවීර මහතා ආරක්ෂක අංශ ඒ පිළිබඳ අවධාරණය කර ඇතැයි ද සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (20) පැවැති පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ හැම රටකම ක්‍රියාත්මක වෙන " ත්‍රස්තවාදී හදිසි නීතිය " ඇයි අපේ රටේ පමණක් මේ තරම් ඉක්මනින් නිමාවට පත්කළයුතු ? ඒ වෙනුවෙන් කලයුතු හැමදෙයක්ම කොරල හමාරද ? එහෙමත් නැත්තම් " ත්‍රස්තවාදියෝ " කියන්නෙත් ... " දේශපාලකයින්ට නිසාමද ..?
එතකොට හදිසි නිතිය යටතේ අත්අඩංගුවේ ඉන්න හැමෝම නිදහස් කරනවාද? බුර්කාව තහනම ඉවත් කරනවද? ඊට කලින් බුර්කාව තහනම් කරන්න නීතියක් ගෙන්න.
මොන නීතිය හරි දමාගෙන ඔය අන්තවාදයයි, ත්‍රස්තවාදයයි ඉවරයක්ම කරලා දාන්න මහත්තයෝ. නීත්‍යානුකූල සාමාන්‍ය ජනතාව නීතිවලට එකඟයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේ දී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ ..........
පර්යේෂණ ඉවර කරලා වගේ නේද ?
ඒ කියන්නේ මෙතනින් හදිසි නිතිය නවතිනවද? නැතිනම් ඊළඟ වතාවේ හදිසි නිතිය දික්කරන්න වෙන කට්ටියක් එන ලකුණු තියෙනවද?
අපේ අවාසනාව..
හදිසි නිතිය තිබුනට කමක් නැහැ. අපි වැරදි කරන්නේ නැති නිසා චෙක් පොයින්ට් වලදී පරික්ෂා කලාට බය වෙන්න අවශ්‍ය නැහැ, අපට වැදගත් වෙන්නේ රටේ ආරක්ෂාව. හදිසි නිතිය නෙමේ යුධ නිතිය හරි දමලා රට සහ පුරවැසි ජිවිත ත්‍රස්තවාදීන්ගෙන්, පාතාල මැරයන්ගෙන් ආරක්ෂා වෙනවානම් ලොකු දෙයක්
මෙම හදිසි නිතිය නිසා හමුදාව එලියට බැහැල මහමග ආරක්ෂාව සලස්වන එක ලොකු දෙයක් එකෙන් ත්‍රස්තවාධින්ගෙන් ආරක්ෂාව පමණක් නොවේ , පාතාල ක්‍රියාකාරකම් , මත්කුඩු ජාවාරම් රාත්‍රියට මත්පැන් පානය කරලා වාහන පැදවීම , ඇමති පුතාල සහ දේශපාලකයන්ගේ ගෝලයෝ බීලා වාහන වලින් ගොස් මිනිස්සු යටකර යකා නැටීම වගේ දේවල් සැහෙන්න අඩු වෙලා තිබෙනවා, වැරදි කාරයෝ පොලිසියට බය නැහැ.
අපිට ඕන.. - ජනතාව
මොකක්ද තිබෙන හදිස්සිය ඕක ඉවත් කරන්න. දැන් රටේ ආරක්ෂක ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳලද? සරත් ෆොන්සේකා මහත්මය කියපු දේ ඉතාම තදින් සලකා බැලුවොත් තමයි හොඳ.