
(සුජිත් හේවාජුලිගේ)
හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මුස්ලිම් හෙදියන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් සමාජයේ මතුවූ කතිකාවත පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යාංශය එසේ පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්යචන්දන අබයරත්න මහතා පවසන්නේ මුස්ලිම් හෙදියන් සඳහා පවතින ඇඳුම් පැළඳුම් කේතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශවලින් අමාත්‍යාංශයට කිසිදු විධිමත් නිර්දේශයක් ලැබී නොමැති බවයි.
හෙදි නිල ඇඳුමේ වෙනසක් නොකරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් යුගයෙන් කලියුගයට එනව මිසක් කලියුගයේ මිනිසුන් ගල් යුගයට අදගෙන නොයා යුතුයි... මේ 21 වැනි සියවස... ලෝකය බොහෝ විවෘතයි. විද්‍යාව දියුණුයි. මනෝවිද්‍යාවත් සෑහෙන්න දියුණුයි...
මේක නොවේ අර යුරෝපේ අදින විදිහට වැඩ කරන්න පහසු , දහදිය දමන්නේ නැති ඝනකම් කපු රෙද්දෙන් මහපු දහදිය දැමීම අඩු කලිසමක් සහ ජැකට් එකක් දෙන්න ඕනේ...
එතකොට අර වලස් මාමා කිව්වේ බොරුද? නැතිනම් දන්නේ නැතිවද?
හෙදියන් ගේ නිළ ඇදුම ප්‍රස්නයක් වුනේ සමහර චීවරධාරියන්ට වගේම, වැඩකට නැති විපක්ෂයේ දේශපාලුවන්ට වෙන්ඩැති...
මොකක් හරි ප්‍රශ්ණයක් නැත්නම් ඒකත් විශාල අමාරුවක් කරගෙන ඔළුව කසන ගොබ්බයන් ඉන්නා රටක නුවණ ඇති, මොළය තිබෙන ජනතාවක් විටන් විට සිනා ගැන්වීම සඳහා මුන්ගේ හාමුලා, මෙම බත් ගිලින පුන්නක්කු බාල්දි හිස් කරන තඩි හරකුන්ට හොඳට ගෙවනවාද කීමට දන්නා කෙනෙක් ඉන්නවා නම් පහලින් පොඩි කොමෙන්ට් එකක් දාන්න. මුන්ට හෙදියන් ඇදුම් පැළදුම් නැතිව සෙවය කරන විදියටද පෙන්නෙ ?? පව් ... අනේ ... පව් !
නිල ඇදුම වැදගත් එකක් මිස.... රෙදි නැතිව කඩේ යන අයට නෙමෙයි.
බොරු කියද්දි කපුරු හාමි ළග ඉන්න බැ.
එතකොට අර යටත් විජිත කිව්වේ බොරුද?
බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේත් බෞද්ධ ආගමෙත් ආරක්ෂාව පිණිස පියවර ගන්නා මෙන් මහානායකවරුන්ගෙන් ඉල්ලා සිටිමි.
අපේ රටේ ගොඩක් ඉන්නේ කකුල් දෙකේ ඉස්සෝ...
හයියෝ විජිත නොදුටු මොක්පුර...