ඉන්දිකා රාමනායක

මහරගම අපේක්ෂා රෝහලේ  හෙදියන් දෙදෙනකු එහි විකිරණ කාමරයක සිර කර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි විකිරණ ශිල්පියකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙදියන් දෙදෙනා විකිරණ ශිල්පින් දෙදෙනකුට එරෙහිව මහරගම පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඉන් එක් සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.