පදවිය රෝහලට කී.මී. විසි පහකි
එහි දුක් විඳින අය ළය උණු වන දුකකි
නැගි පා පැදිය මත කල එහි යා නොහැකි
හෙදියක පමණ නොව නුඹ දිරිමත් මවකි
පද ආරියසේන හඳුවල

(පියදාස සමරවීර)
ඉන්ධන හිඟය අභියෝගයට ලක් කරමින් කිලෝමීටර 20 - 25 ක් පමණ දුර ගෙවා බයිසිකලයෙන් පදවිය මූලික රෝහලට පැමිණි හෙදියක, අහම්බෙන් අපට අද පෙරවරුවේ හමු විය.
පදවි - ශ්‍රී පුර සිට පලුගස්වංගුව, අලිවංගුව, ඩී 10 මෛත්‍රීපුර, සී යාය., ඒ යාය පසුකරමින් කිලෝමීටර 20 -25 ක් පමණ දුර ගෙවා පා පැදියෙන් පැමිණී මෙම "අප්සරා" නම් තරුණ හෙදියකි.
තරුණ එක් දරු මෙම හෙදිය මාධ්‍යට පෙනී සිටීමට යම් අකැමැත්තක් දැක්වූවාය. කෙසේ වෙතත් ඇයගෙන් කරුණු විමසීමේදී ප්‍රකාශ කළේෙ වෙනදා යතුරු පැදියෙන් පැමිණියද පෙට්‍ල්උග්‍ර හිගය නිසා බයිසිකලයෙන් වැඩට අද සිට ආරම්භ කළ බවයි.
මේ සම්බන්ධව අප පදවිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරියගෙන් විමසීමේ දී කියා සිටියේ තම ආයතනයේ හෙදියන්, වෛද්‍යරු ඇතූලු සියලු කාර්ය මණ්ඩලය දෑඩි අපහසුතාවට පත්ව ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචනයේ හැටියටම හෙදියක් ලෙස දිරිය මවක්... ඔබට පින්...!
රට ගොඩගනු හැක්කේ නුඹ වැනි දිරිය දියණියන් ගේ දිරියෙනි
එය ඇත්ත වශයෙන්ම ආදර්ශයක්... යාපනේ ජනතාවට මේ ඉන්ධන ප්‍රශ්නේ මහ කරදරයක් නෙවෙයි.. එහෙ වෛද්‍යවරු පවා බයිසිකල් වලින් යනවා. අනික් පළාත්වල අයට තමයි ඒක මහක් මදිකමක් වෙලා තියෙන්නේ.. වැරැද්ද තියෙන්නේ චින්තන රටාවේ.. සරලකම ගෑවිලාවත් නැහැ.
බුද්ධිමත් කාන්තාවක්...! ඉන්ධන ප්‍රශ්නය පිළිතුරක් වශයෙන් පාපැදියට ගොඩවීම ගැන අපි ඔබව බුද්ධිමත් කාන්තාවක් ලෙස අගය කරමු. ඔබගේ බුද්ධිමත් සේවයට ස්තුතියි..
දියණියනි, ඔබට නිදුක් නිරෝගී සුවයත් සියලු දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවායි පතමි..
රුවන්ගේ සත්‍යය සහ අවංක අදහසටත් විරුද්ධවන කුහක ජාතියක් අපේ රටේ ඉන්නේ..!!!
අදනම් මේවා අලුත් වගේම දිරිය ක්‍රීයා ගණයට වැටෙනවා. අවුරුදු 50 කලින් මේවා සාමාන්‍ය දේවල්.
දැනට මාස ගණනකට පෙර මම මෙම පුවත්පතටම බයිසිකලයට පුරුදුවෙමු කියා ලීවාම මට මෙතනට ලියන ගැහැණිය බැනවැදී තිබුනා. දැන් උන්දැට ඇඹරි ඇඹරි චුන් එකට බයිසිකල් පදින්න වේවි.