(ඩයනා උදයංගනී)

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට පාර්ලිමේන්තු තුල ස්වාධීන වු මන්ත්‍රීවරු 41දෙනා වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඔවුන්ට විපක්ෂයේ අසුන් පැනවිම පිලිබද සාකච්ඡාවක් ද එම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් නියෝජිතයන් සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර අද පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන නිමල සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.