IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හතරක් ඕන තැනට 10ක් දීලා,ඕ.ටී.මල්ලක් කරේ බැඳලා

(ෂේන් සෙනෙවිරත්න)

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද එම රෝහලේ ඊට වැඩි කාර්ය මණ්ඩලයක් සේවය කරමින් අතිකාල දීමනා පවා ලබා ගන්නා බව වාර්තා වේ.

එම රෝහලට අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද ප්‍රධාන හෙද සොයුරිය ද ඇතුළුව හෙදකාර්ය මණ්ඩලයේ 10 දෙනකු සිටින බවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කොට තිබේ.

තෙල්දෙණිය රෝහලේ සිට මෙම රෝහලට මාරුවීමක් ලබා පැමිණි හෙද නිලධාරිනියක පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය දැනුවත් නොකර විදේශගත වී මාස තුනක් යන තුරු වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ වී තිබේ.

මෙම රෝහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයකු ඇතුළු කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් සිදුකරන බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහල් වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසීය .

 



අදහස් (1)

හතරක් ඕන තැනට 10ක් දීලා,ඕ.ටී.මල්ලක් කරේ බැඳලා

Saman Sunday, 01 October 2023 04:54 PM

රජයේ රෝහල්වල හෙදියන් කොපමණ සේවය කරනවද කියා කිසිවකු දන්නේද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය දන්නේද? රටේ බදුගෙවන පුරවැසියන් වෙනුවෙන් පෙනිසිටිනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වුර්තිය සමිති කොපමණ තිබේද කියා කිසිවකුට කිව හැකිද...?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 33 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site