(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන තිලිනි ප්‍රියමාලි නමැත්තියගේ විමර්ශන කටයුතු සඳහා ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සේමිණි ඉද්දමල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ දෙපාර්තමේන්තුවේම සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන සැමියා සමගය.