(මුදිතා දයානන්ද)

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුට  උපහාර දැක්වීමට රජයේ මුදල් රුපියල් ලක්ෂ 70ක් කිසිදු අධිකාරි බලයකින් තොරව වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නමින් එවකට ආරම්භ කරන ලද ගිණුමක මුදල් ඒකරාශී කිරීමෙන් මෙම උපහාර උළෙල පවත්වා ඇති බව එම වාර්තා වේ සඳහන් වේ.

ඒ සඳහා මුදල් යොමුකර තිබෙන්නේ රාජ්‍ය ආයතනවලින් බව ද එහි සඳහන් වේ.