(යොහාන් භාසුර)
විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රයේ තරග නියාමනයට නීති සම්පාදනය කළ යුතු යැයි හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ඒ. ජූරි මහත්මිය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යයේ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.
විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රය අපේ රටේ බිම් මට්ටමේ පිළිගැනීම සහ විශ්වාසය දිනාගැනීමට අපොහොසත්ව ඇති බවත් ඒ සඳහා නීති ප‍්‍රතිසංස්කරණය සහ සම්පාදනය සඳහා ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් කැරොලයින් මහත්මිය පවසන්නීය.
තරාතිරම් හෝ බෙදීම්වලින් තොරව සියලූම කාන්තාවන් සඳහා සාධාරණ වේදිකාවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රය වාණිජ කර්මාන්තයක් බවත් ඇය පවසන්නීය.
සියලූම තරගකාරියන් සහ තරගකරුවන් නීතිවේදීන් සමාලෝචනය කරනු ලබන අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතු බව පවසන කැරොලයින් ජූරි කිසිම තරගකාරියක් හෝ තරගකරුවෙක් ලිංගික අපයෝජනයට ලක්නොවිය යුතු බව ද කියන්නීය.
ශ්‍රී ලංකාවේදී පසුගියදා පැවැති විවාහක රූ රැජිණ තරගය ජයගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ එම උත්සව අවස්ථාවේදීම ගැලවීමේ සිද්ධියෙන් පසුව කැරොලයින් ජූරි මහත්මිය ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහැර දැමුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි වහගන්නද?
එදා කැරෝලයින්ට බැනපු අයට සත්‍ය වැටහිලා දැන්. මේ තරඟය සම්පූර්ණයෙන්ම පවත්වා ඇත්තේ අක්‍රමවත්ව.. දේශපාලනික සම්බන්ධතාවලට පක්ෂවලු. ඒ වගේම එයට සහභාගි වූ කෙනෙක් දේශපාලුවන්ටත් අල්ලස් දුන් බවත් කියැවෙනවා.
දැන් ඉතින් ඡන්දෙන් පැරදුණු මන්ත්‍රී වගේනේ.. ඔය කියන දේවල් කවුරුවත් කරයිද?
යන්න අංගොඩ ....
කැරොලයින් හරි... අසාධාරණය වෙනුවෙන් පෙනී සිට අන්තිමට ඇය විසින්ම ඇයගේ " ලෝක කිරුල " ගලවලා දැමුවා. ඒ ලෝක කිරුල මිසක් පුෂ්පිකා තරග කළ ලෝකල් කිරුල නොවෙයි. කැරෝලයින්ගේ නම අදත් මුළු ලෝකයේම කතාබහට ලක්වෙනවා. ඒ ලෝක විවාහක රු රැජින ලෙස තමන් පළඳි කිරුල තමන් විසින්ම අත්හල රු රැජිනක් ලෙසයි. පුෂ්පිකාට ඒ අසලට සිහිනෙන්වත් යන්න පුලුවන්ද?
ලස්සන තාවකාලිකයි. හැදියාව සදාකාලිකයි.
ඇය කියන කතාව සත්‍ය විය හැක.
ඇය අං තට්ටුව ආපසු දුන්නේ සිය කැමැත්තෙන් නොව, ලෝක සංවිධානයේ නිර්දේෂය මතයි!