(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාට ලබා දී තිබෙන වරප්‍රසාද වල කිසිඳු අඩුවක් නොකරන බව සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඒ අනුව ඒ මහතාට පසුගිය රජය ලබාදුන් නිවස ආපසු ගැනීමට කටයුතු නොකරන බවද කී සභානායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුගේ උපදෙස් අනුව තවදුරටත් සියලු වරප්‍රසාද ඒ මහතාට ලබාදෙන බවද කීය.
සභාපතිවරයා ඒ බව පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආර් සම්පන්දන් මහතා.
මම 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වුණා.මට ඒ සඳහා නිවසක් ලැබුණේ 2017 වසරේදී ඊට පෙර කුලියට නිවසක් අරන් ඉන්න කියලා හිටපු ජනාධිපතිතුමත් අගමැතිතුමත් කිව්වා.නමුත් මා අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා ඊට කැමති වුණේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 20 ක් මා සිටියේ මාදිවල මන්ත්‍රී නිවාස වල ඒකේ පඩි 60 ක් 70 ක් නගින් ඕන.දැන් මගේ වයස අවුරුදු 80 ට වැඩියි.
වත්මන් කතානායකතුමාත් හිටපු අගමැතිතුමාත් මට ඒ අයගේ කැමැත්තෙන්ම මට ආරක්ෂාව සහ අනෙකුත් කටයුතු සඳහා සේවකයින් ලබාදී තිබෙනවා විපක්ෂ නායක වශයෙන් මට ලැබුණ කාර් එක මම ධාවනය කරලා තිබුණේ කීලෝ මීටර් 2082 යි.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත්වුණාට පසුව මම වහාම ඒ රථය විපක්ෂ නායක කාර්යාලයට බාරදුන්නා.තවදුරටත් මට පෙර මෙන් පඩි 80 ක් නගින්න කියන්න එපා මගේ වයස අවුරුදු 80ට වැඩි.
සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා
ඔබතුමාට අප ගෞරව කරනවා.ඔබතුමාට දැනට ලබාදී තිබෙන කිසිම දෙයක් ඉවත් කරන්නේ හෝ නැවත ලබා ගන්නේ නෑ.ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඔබතුමාට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස අප වෙත උපදෙස් දී තිබෙනවා.
ආර්.සම්පන්දන් මහතා
මේ කතාව මම කියන්න හිටියේ නැහැ.නමුත් ඇතැම් කතා ඇසුන නිසා කව්වා.ඔබට ස්තූතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. අනවශ්‍ය වියදම් දැරීමට කැමති නැතිලු. එතකොට දැන් ලබන පහසුකම්, වරප්‍රසාද අනවශ්‍ය නොවේද? කාට කියන කතා මේවා. ඔ වයසට ගෙදරට වෙලා ඉන්න එපායි.
අපිත් කැමතියි එහෙම දෙනවට. ඒත් එහෙම ඕන ඕන විදයට දෙන්න පුලුවන්ද ?
රටේ ජනතාවට තව දුරටත් පව් නොදී ගමට ගියානම් හොඳයි නේද ? දෙමල ජනතාවටත් ලොකු සේවයක්
මොකද අඩු කරන්නේ නැත්තේ. ආරක්ෂකයෝ 200 මොකටද මෙයා එපමණ බයේද ජීවත් වෙන්නේ.
කිසි සිංහලයෙක් සම්පන්ධන්ට දීලා තියෙන නිල නිවස ආපහු ගන්න කියන්නේ නැහැ. ගන්න හැදුවත් ජනතාව විරුද්ධ වෙයි එහෙම කරන්න එපා කියලා. මේ අවස්ථාව මම වෙන දෙයක් කියන්න යොදා ගන්න හිතුවා. ජනතාව විශාල විදුලි බිලක් සහ ජල බිලක් ගෙවනවා. හැම රජයක්ම හිතෙන හිතෙන විට විදුලි සහ ජල ගාස්තුත් වැඩි කරනවා. නමුත් දේශපාලකයන්ගේ විදුලි සහ ජල බිල්පත් ගෙවන්නේ මහජන මුදලින්. ඊට සීමාවකුත් නැහැ. මේක ඉතාම අසාධාරණයි. ජනාධිපතිගේ, අගමැතිගේ, කතානායකගේ, විපක්ෂනායකගේ, සභානායකගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ, ඇමති, මන්ත්‍රීවරුන්ගේ, ආණ්ඩුකාරවරුන්ගේ සිට නිල නිවාස දීල තියෙන අගවිනිසුරුගේ, නගරාධිපතිවරුන්ගේ සහ ඉහල තනතුරු දරන රජයේ නිලධාරීන්ගේ විදුලි සහ ජල බිල්පත් ඒ නිවාස පාවිච්චි කරන්නන්ටම ගෙවන්න කියලා නීතියක් ගෙනා යුතුයි. අඩු ගානේ 50%ක්වත්. අවුරුදු 71ක් තිස්සේ ජනතාව දේශපාලකයන්ගේ සහ වෙනත් බලවතුන්ගේ විවිධ වියදම් දරනවා. මේ තත්වය වෙනස් විය යුතුයි. ජනතාව තවදුරටත් දේශපාලකයන්ගේ සහ ඉහල නිලධාරීන්ගේ අසීමාන්තික බර උසුලාගෙන යන බූරුවන් හෝ හරකුන් වෙන්නට ලැහැස්ති නැති බව ඔවුන්ට දැනුම් දිය යුතුයි.
එහෙනම් නිකන් ප්‍රචාරය සඳහාද පහුගිය දිනවල හැකර කටවල් ටික ඇරියේ. ඔතන වරද තියෙන්නේ හරිහැටි නොසොයා නොබලා පොදු ජනයාව ගොනාට අන්දන්න හදන එක. ඒ ඉස්සර. අනවශ්‍ය ප්‍රශ්න නැතහොත් කුණුගොඩවල් අවුස්සන්න කැමතිනම් මීතොටමුල්ල , බ්ලුමැන්ඩල් වගේ කුණු කඳු රට පුරාම තියනවා අවුස්සගෙන කන්න. පොදු ජනයාට කවන්න හදන්න එපා.
වයස 80 පැනලා නම් අනිවාර්යයෙන් විශ්‍රාම යා යුතු නැද්ද ? තව කෙනෙකුගේ අවස්ථාව බදු අරගෙන ඉන්නේ මොන ආත්මාර්ථකාමී කමක් ද ? බැරි අමාරුකම් විකුනන්න දෙයක් නැහැ නේ. අනිත් එක ලස්සන ම කතාව , විපක්ෂ නායක නෙමෙයි හැබැයි වරප්‍රසාද ලැබෙනවා. කාගේ සල්ලි වලින්ද මේ ? බදු ගෙවන මහා ජනතාව වැලේ වැල් නැතුව දුකම විදිනවා උපන්න දවසේ ඉදන් මේ අය සුර සැප ගන්නවා.
දේශපාලනයට සුදුසු නැත. ජනතාව ගැන සොයා බලන අය නොවේ,
ඔව් ඔව්, ආංඩුව පාන්ඩුව වෙලා. පිදුරු තණකොළ කන අය අහගනිල්ල හොදට. හා හා ! මාරු තමා.
අවුරැදු 80 නම් විශ්‍රාම සුවයෙන් ඔබතුමාගේ මහ ගෙදරට වෙලා හිටියනම් හොද නැද්ද