
(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහකාර අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ විශ්‍රාමික් බ්‍රාහ්මණ බ්‍රාහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඉරියගම සහ ලිපිකරුවකු ලෙස කටයුතු කරන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අයවලුන්ය
වීරසිංහ මහතාගේ ධුර කාලය තුළ සිදුවුයේ යැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් කරන විමර්ශනයක් හේතුවෙන් ලෙස මෙම අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ පගා හොරු ඉන්න තැනක්. සුළු සේවකයා පටන් ඉහළ නිලධාරියා දක්වා ගෑණු පිරිමි බේදයක් නැතුව වැඩිහරියක් ඉන්නේ ගසාකන අය.
ඉස්සර අපි හිතුවේ සුදු සරම් ඇදන් ඉන්න ඇමැතිලා තමයි හොරු කියලා බැලින්නං ටයි දාපු උගත් මහත්හොරු ඊට වඩා දරුණුයි. හැබැයි මේ ආණ්ඩුව නැත්තං මේ අය තාමත් යහතින්.
ඇයි මේ රටේ හොරකම් කරන්න පුළුවන් විදියට නිති තියෙන්නේ? රාජ්‍ය යාන්ත්‍රණය සරල විය යුතුයි! උදා. පාස්පෝට් හදන්න හැඳුනුම්පත පමණක් නොවේ උප්පැන්න සහතිකය අත්‍යාවශ්‍යයි ! හැඳුනුම්පත උප්පැන්න සහතිකය නැතිව හදන්න බැහැ! ඇයි ආයෙමත් උප්පැන්න සහතිකය ඉල්ලන්නේ? මෙවැනි අනවශ්‍ය නීතිරිති නිසා තමයි මේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම සහ දුර්වලව පවතින්නේ...
ඕක ඇතුලේ ඉන්නේ අම්මගේ කුසතුළම හොරකම ජාතක කරගෙන ආපු අය...
සෙමෙන්, එහෙත් නිසැකවම. රටේ පොඩි හරි වෙනසක් තිබිලා තියෙනවා.