කොළඹ පළාතේ නගර සභාවක හිටපු සභාපතිවරයෙකි. අවුරුදු කිහිපයකට පෙර සභාපති පුටුවේ වැජඹුණු ඔහුට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ බව කනින් කොනින් අසන්නට ලැබුණේ ගිය සතියේය. යන යන තැන්වලට ඔහු සමග යන්නට වසර කීපයකට පෙර ලබාදී තිබු පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත් කර තිබුණේ ගිය සතියේ බව ද වාර්තා විය.

නගර සභාවක හිටපු ප්‍රධානියකුට ප්‍රභූ ආරක්ෂාවක් දෙන්නට තරම් ඔහු වැදගත් වූයේ ඇයිද යන්න බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවකි .

ආණ්ඩුවේ ඉහළ කිහිපදෙනකුටද ඒ ප්‍රහේලිකාවම ඇති වී තිබිණි,ඒ අනුව ඔහුගේ ප්‍රභූ ආරක්ෂාව දෙතුන් දවසකට ඉහතදී ඉවත් කර ඇති බව ට දේශපාලන කරලියේ කතාබහට ලක්විය.