(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයන් 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙකුට එරෙහි නඩුව ලබන මාර්තු මස 04 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.
මෙම නඩුවේ විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ගොනු කොට ඇති අභියාචනය විභාග කොට තීන්දුවක් ලබාදෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ යොහාන් අබේවික‍්‍රම මහතා කළ ඉල්ලීමක් පිළිගනිිමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නිදොස් කොට නිදහස් කරන්න. දැන් අපට මොන මානව හිමිකම්ද? පවුලක සහ ඔවුන්ගේ සගයින්ගේ මානව හිමිකම් හැර සියලුම ජනතාවගේ මානව හිමිකම් අද නැතිවෙලා තියෙන කොට... මානව හිමිකම් රැක්කා කියලා අපට ලැබෙන දෙයක් නැහැ. දැන් කොහොමටත් අපේ රටට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි...
මේ දරුවන් නැති සොවින් දුක් විඳින දෙමව්පියන්ට සාධාරණය ඉෂ්ඨ වේවා..!!!
වරදක් කර ඇත්නම් කාට උනත් දඬුවම් ලැබෙන්න ඕනේ අසරණයන් හට යුක්තිය ඉටු වෙිවා .!