
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අද (19) පෙරවරුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී නොසිටියේය.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා ය.
හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීම සම්බන්ධයෙන් පිටු 07ක නෛතික විරෝධතාවක් නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා විසින් එම කොට්ඨාසයට ඊයේ ඉදිරිපත් කරනු ලැබූ බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසෙයි.
මෙම නෛතික විරෝධතාව ඉදිරිපත් කිරීමෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් පිටතට පැමිණි නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා සඳහන් කළේ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපතිවරයා ලෙස සේවය කළ සමයේ දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පිටු 130ක උපදෙස් ලිපියක් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති බවය.
එම ලිපිය සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇද්ද? නැතහොත් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු හෙළිවී නොමැති බව ද නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“සී.අයි.ඩී. එකේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින්න කියලා එතුමාට 18 වැනිදා දවල් එකට විතර පණිවිඩයක් එවලා තිබුණා එතුමා නීතිපතිවරයාව සිටි සමයේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකර ගැනීමක් සහ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කියලා. ඒ සම්බන්ධයෙන් එතුමා පිටු 07ක නෛතික විරෝධතාවක් ඉදිරිපත් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ චෝදනා ඇතුළත් අධිචෝදනා පත්‍ර ගොනු කරලා තියෙන නීතිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් කරගත්තොත් තමයි සී.අයි.ඩී. එකට වඩාත් හොඳ වෙන්නේ.”
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සිටින බවටත් එම ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවටත් සඳහන් කරමින් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රකාශය කළ බව පැවසෙන්නේ ඉකුත් 2021 වර්ෂයේ මැයි මස මුලදීය.
‘2019 අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නායකත්වය පිළිබඳ නිගමනයකට එළැඹීම සඳහා සාක්ෂි සහ බුද්ධි තොරතුරු හොඳින් ඇගැයීමකට ලක් කළ යුතු බවත් රාජ්‍ය බුද්ධි සේවයේ වේලාවන්, ඉලක්ක, ස්ථාන, ප්‍රහාර එල්ල කළ ක්‍රම ඇතුළු අනෙකුත් තොරතුරු මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට පැහැදිලි සාක්ෂියක් බවත් හිටපු නීතිපතිවරයා එම ප්‍රකාශයේ සඳහන් කර තිබිණි.
කුමන්ත්‍රණය කළ පුද්ගලයන් වෙනම තලයක සිටින බවත්, සහ්රාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයන්ගෙන් එක් අයකු පමණක් බවත් හිටපු නීතිපතිවරයා සිය ප්‍රකාශයෙන් දක්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ මහමොල කාරයා තමයි පොකට් මොහොම්මඩ්. ඔහු තමයි ප්‍රකාශකලේ අල්ලා විශ්වාස නොකරන මිනිස්සු බොරුකාරයෝ හෙවත් kafir ලා ඔවුන් jihad හෙවත් මරා දමන්න කියලා. ඉස්ලාම් ආගම අකුරටම පිළිපදින සහරාන් පොකට් මොහොම්මඩ් ගේ ඉල්ලීම ඉෂ්ට කලා. දේව ආගම් වල මෙවන් අමනයෝ ඉන්නවා. ලංකාවට ගෙන්වීම තහනම් කල Davinci Code සිනමාවේ ජේසුස්වහන්සේගේ Grail එක ලබා ගැනීමට මිනිසුන් මරපු ක්‍රිස්තියානි පුජකයෙක් හිටිය.
තවත් බක පණ්ඩිතයෙක් තමා මේ.
ඒ වෙලාවේ මෙයාට සේවා දිගුවක් දුන්නානම් ඔය කිසි කුමන්ත්‍රණ කතාවක් නෑ. කියන්න දෙයක් නැති නිසා පොලිසිය මග හරිනවා.
මෙයාගෙ ධූර කාලය දීර්ඝ නොකර නිසා රාජපක්ශ තමා මහමොලකරු කියලා රදගුරුතුමාත් අන්දලා ගියපු පුතය තමා මේ. සුදු නංගිලා වටේ තියාගෙන මාධ්‍ය ප්‍රකාශක විදියටත් සුදු නංගි බබෙක් තියන් හිටිය ඒ කාලෙ.
අධෝ මුඛයෙන් විතරක් නොවෙයි. මුඛයෙන් පවා අශුචි පිටකරන නුඹලාගෙන් සමාජය ගඳ ගස්සනවාට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි මළවුන් ගේ ආත්ම මතින් ඔවුන්ගේ ළේ මතින් කරන මේ තුප්පහි දේශපාලනය නවත්වපල්ලා. දේශපාලන බලය වෙනුවෙන් ඒ අසරණ මිනිස්සුන්ව මරා දැම්මා. නීතිය ක්‍රියාත්මක නොවුනට, ඒක දැනටමත් හෙළිවෙලා ඉවරයි. එක පිළිගනිල්ලා. නැත්නම් තොපිට වෙන දේ ඔය අපවිත්‍ර තොපේ ඇඟවල් වල වහල ඉන්න ගෝ පයියන්ටවත් හිතා ගන්න බැරිවෙයි..නුඹලා වගේ තිරිසන් සර්ප කොට්ඨාශයක් මේ ලෝකයේම නැතිව ඇති..සර්පයින් දෂ්ඨ කරලා සත්‍යය යටපත් කරන්න බැහැ මිනිස් වෙස් ගත් සර්පයිනේ. කාලි මෑණියන් මේ සර්පයින්ට සාධාරණය ඉෂ්ඨ කරාවි!!